උපාදනයන් යනු බැදීයාම් ය. බැදීයාම් හතරකි. ඒවා නම්
01. කාම උපාදානය.
02. දිට්ඨි උපාදානය.
03.අත්තවාද උපාදානය.
04.සීලබ්බත උපාදානය.
යනුයි. මෙම උපාදානයන් කෙරෙහි බැදීගිය සිත් ඇති අප. ජිවත් වීම වෙනුවෙන් සිදු කරනු ලබන්නේ මෙම උපාදානයන්ට නතුව වැඩ කිරීමය. උපාදානයන් පිළිබදව යම් පමණක හෝ වැටහීමක් ඇති කරගත හොත් අපට එයින් ජිවිතය ගැන ද යම් අවබෝධයක් ඇති කර ගත හැකි නිසාවෙන් මේ ගැන ඔබට යම් දැනුවත් කිරීමක් කරන්නට සිතිමි.

ඔබගේ දෑත් දෙපය හා කටද බැද දමා ඇත් නම්. ඇගපුරා වෙළුම් පටිවලින් වෙලා ඇත්නම්. ඔබට කල හැක්කේ කුමක්ද ඔබට කිසිවක් කල නොහැකිවේ. එසේ සිටිනා ඔබව කව්රුන් හෝ රැගෙන ගොස් ගිනි අගුරු වළකට දැමීමට සැරසුනද ඔබට කරකියා ගත හැකි දෙයක් නැත. ඒ ඇත්තන් ඔබව ගෙන ගොස් අසුචි වළකට අතහරියි නම් ඒත් ඔබට කල හැක්කක් නැත. ඒ ඇත්තන් ඔබව රැගෙන ගොස් ජලාසයකට දැමූවද ඔබට කල හැක්කක් නැත. මෙය ඔබට වටහා ගත නොහැකියි නේද. වැඩි දුර නොසිතා මතු පිටින් කියන කරුණ ගැන පමණක් සිතන්න. සත්‍ය වසයෙන්ම ඔබේ දෑත් දෙපය හා කටත් බැද තබා ඇත්නම් ඇග පුරා වෙළුම් පටි වලින් බැදදමා ඇත්නම් දැන් සිතන්න. සත්‍ය වසයෙන්ම එවන් මොහොතක ඔබේ තත්වය කොයි වගේ වේවිද කියා.
දැන් අපි මාතෘකාවට බසිමු මේ ඉහත සදහන් කරණ ලද සතරාකාර උපාදානයනුත් අපගේ ජිවීත ඉහත කියන ලද දැත් දෙපය හා කටත් බැද තබා ඇගපුරා වෙළුම් පටිවලින් වෙලා දමා හිර කොට බැදතබා ඇතුවා සේ අපේ සිත බැදතබාගෙන සිටියි. ඒවා ගැන වැටහීමක් ලබා ගන්නා තෙක් අපට ඒවා ගැන අවබෝධයක් ඇති කරගත නොහැකිය එබැවින් ඒවා එකක් එකක් ගෙන යම් පැහැදිලි කිරීමක් කරගෙන බලමු.
කාම උපාදානය. කාම යනු ඇස කණ නාසය දිව කය මනස යන ඉදුරන් පිනවීම පිණීස පවතින රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් ය. මේවාට පඤ්ච කාමයන් යයි කියනු ලබන අතර ඒවා කෙරෙහි මනසේ පවතින බැදීයාමට කාම උපාදානයයයි කියනු ලබති. රූප , ශබ්ද, ගන්ධ, රස , ස්පර්ශයන්, කෙරෙහි අපගේ මනසෙහි බැදීයාමක් ඇද්දැයි ඔබ මදක් සිතා බලන්න. සත්‍යවසයෙන් එවැන්නක් තිබේද. ඔබ ඔබට වැටහෙන අයුරින් සිතා බලන්න. මේ ලෝකයෙහි වාසය කරන අපි. ආසා කරනු ලබන දේවල් කොපමණවත් තිබේ. ඒවා අයත් වන්නේ මොනවාටදැයි මදක් සිතා බලන්න. එක්කෝ ඒවා රූප වලට අයිතිය, එක්කෝ ශබ්ද වලට අයිතිය, එසේත් නොමැති නම් ගන්ධවලට අයිතිය, එසේ නැත්නම් රසවලට අයිතිය, ඒ නැත්නම් ස්පර්ශයන්ට අයිතිය.
තවත් ආකාරයකින් පවසනවා නම් එක්කෝ ඒවා ඇසට අරමුණු වන දේය, නැතිනම් කණට අරමුණු වන දේය. නාසයට අරමුණු වන දේය. දිවට අරමුණු වන දේය. එහෙමත් නැත්නම් කයට අරමුණු වන දේය. ඔබට වටහා ගැනීමට හැකිද ඔබේ ලෝකය සම්පුර්ණයෙන්ම පාහේ බාහිර භෞතික ලෝකය සමගින් සම්බන්ධ වන්නේ මේ කියන ලද ඇස කණ නාසය දිව කය හරහා නොවේද. ඒ ලෝකයෙහි ඇති දේවල් කෙරෙහි මනසේ ඇති වන්නා වු කැමැත්තට අපි කාමයයි කියනු ලබන අතර එම කැමැත්ත ඇති කිරීමට ඉවහල් වන බැවින් රූප ශබ්දාදියට කාමවස්තුයයි කියනු ලැබේ.ඉහත කියනු ලබන කාමයන් කෙරෙහි නැඹුරු බවක් අප තුල උපතින් ම රැගෙනැවිත් ඇති අපි. හැම විටම ඒවා කෙරෙහි පොළඹවන සුළුව කටයුතු කරන්නෙමු. ඒවා යම් තැනකද අපේ ඇදීයාම ඒ දෙසට වෙයි. අපගේ නෙත් දෙසවන් ලෝකය පුරා සොයා ඇදෙන්නේ ඒවා කැමැති දේ ඇත්තේ කොහේද කියා ය. ඒවාගෙන් ඉල්ලීම් ඉටු කිරීම පිණිස අපට ඉදිරියට යන්නට සිදුවී තිබේ. අප ලෝකය පුරා සොයා දුව ඇවිදින්නේ මේ කාමයන්ය. මොහොතක් සිතා බලන්න එය එසේ වී ඇත්තේ මක් නිසාද ඔබ තුල ඇති එම කාමයන්ට බැදීයාම නිසා නොවේද. වරක් දුටු රුවක් යලිත් දකින්නට වරක් ඇසු ශබ්දයක් යලිත් අසන්නට වරක් දැනුණ සුවදක් තව වරක් ආග්‍රාණයක කරන්නට වරක් ලද රසයක් තව වරක් විදින්නට වරක් ලැබූ පහසක් යලි වරක් ලබන්නට ඔබගේ සිත ඔබව මෙහෙයවන බව ඔබ සිතා තිබෙනවාද. ? එය එසේ සිදු වුවත් අප ඒ ගැන මෙතෙක් ඒ අයුරින් සිතා නොමැතිය. මතක තියා ගන්න මේ තමයි ඔබ තුල පවතින කාම උපාදානය.
මෙම කාමයන් කෙරෙහි මනසේ පවතින බැදීයාම නිසා අප කතා කරන සිතන හා ක්‍රියාකරණ දේවල් වලට සිදුවෙන ප්‍රබල බලපෑම කාම උපාදානය නිසා ඔබේ ජිවිතයට ඇති බලපෑමයි. එය ගැන ඔබ මදක් හෝ සිතා බලන්න. ඔබට විවේකීව ඔබ ගැනම සිතනවා නම් ඔබ සිතිය යුතු දේවල් වලින් බොහෝම වැදගත් දෙයක් මේ කාමයන් කෙරෙහි පවතින මනසේ පොළඹවන සුළු තල්ලුදානා සුළු ගතිය. නොහොත් කාමයන් කෙරෙහි සිත බැදීයාම. එය කාම උපාදානයයි.
ඉතිරි උපාදානයන් ගැන විස්තර ගෙන යලිත් මුණ ගැසෙන තුරු...

No comments:
Post a Comment
මේ ලිපි පිළිබදව ඔබට යමක් කියන්නට ඇත්නම් මේ ඉඩ හසර ඒ සදහායි.