විද්‍යාව අද භෞතික ලෝකය විශාල දියුණුවක් කරා රැගෙන ඒමට මහත් වෑයමක් කර තිබේ. එහි ප්‍රතිවිපාක හැටියට යම් යම් කණගාටුදායක් දේ අත්දකින්නට සිදු වුවත්. එයින් යහපතක් නොවුනේ යයි ද නොකිය හැකිය. එයින් මිනිසුන්ගේ ජිවිත පහසු කීරීම වෙනුවෙන් තවත් බොහෝ දේවල් නිර්මාණය කර ඇත. සුරා'සුරයන් එක්ව මහසයුරකලඹද්දී එයින් අමෘතය සේම හලා හල විසද මතු වූ බව කියනු ලැබේ. එසේ එක් පසක් යහපත් වෙන අතර ලෝකය තුල සිදුවෙන මේ බොහෝ දේවල් වල තව පැත්තක් අයපත් වීම
වැලැක්විය නොහැක්කකි. සර්ව සුබවාදීව හෝ සර්ව අසුබවාදීව දේවල් දෙස නොබැලිය යුත්තේ එබැවිනි.ලෝකය කිසිදිනෙක සර්ව සම්පුර්ණ බවින් යුතු නොවේ. එයට හේතුව ලෝකය සැදී ඇති ආකාරයයි. එය පුර්ණ බව හා අසම්පුර්ණත්වය නැමැති යුගනද්ව ධර්මයන්ගේම නිර්මාණයකි. අපට කාසියක එක් පැත්තක් පමණක් ලබාගත නොහැකිය. එහි මුහුණ පැත්ත සේම අනෙක් පසද කාසිය ලබා ගැනීමේදී අපට ඒකාන්තයෙන් හිමි වෙයි. ලෝකය ඇසුරු කරන අපට මේ දෙයාකාරයකම දේ ලැබීමට සිදුවන්නෙත් එමෙනි.
මේ ප්‍රස්ථාවනාව මෙසේ ලියැවෙන්නේ ඉහත සදහන් මාතෘකාවට ප්‍රවේශයක් ලබා ගැනීම පිණිසය. ලෝකය හා සත්වයා ගැන අද ලෝකය වෙනදාට වඩා උන්නදුවක් දක්වන අතර. ඒවා ගැන මිනිසුන් තුල ඇති කුතුහලයද කිසිදිනෙක නොසන්සිදෙන ආසාවක් ව ඇත. එබැවින් නොයෙක් කරුණු ඔස්සේ ඔවුන් ලෝකය ගැන විවිධ දේ කතා කරති. සොයා ගැනීම් කරති. ඒවා ලෝකයට හදුන්වා දෙති. මේ වනාහී ලෝකය ගැන සොයා යන ඔවුන්ට මුණ ගැසෙන දේ පමණය. ලෝකයට මේ ප්‍රකාශ කරන දෙය තවත් කලකදී බොරුවක් වී වෙනත් දෙයක් ඉදිරියෙන් සිටින්නේ ඒ ප්‍රකාශ කරන හැම දෙයක්ම සම්පුර්ණ සත්‍ය නොවන බැවිනි. ඔවුන්ගේ එම සොයා ගැනීම් යම් පමණකට සත්‍ය වේ. ඒවා සත්‍යයම සත්‍යය නොව ඒවායේ ආයුස තිරණය වන්නේ තවත් එයින් එහාට සොයා ගැනිමක් කරන තුරු පමණය.
ලෝකය ගැන විද්‍යාව විවිධ පැතිකඩයන් ඔස්සේ නොයෙකුත් සොයාගැනීම් කරමින් සිටි. එබැවින් බෞද්ධ ලෝකයාද බුදු දහමින් ලෝකය ගැන කියා ඇත්තේ කුමක්දැයි විමසා බැලීමට සිතනු ලැබීම විය හැක්කකි. එසේම එය අදද සිදුවන්නකි. බුදු හිමියන්ගේ දේශනාවන් අනුසාරයෙන් ලෝකය පිළිබද සිදුවීම් සොයන ඔවුන්ට ඒ සම්බන්ධ කරුණු අන්තර්ගත සුත්‍ර දේශනාවන් කීපයක් සොයා ගැනීමට හැකිය. ඒවායෙන් අග්ගඤ්ඤ සුත්‍රය ලෝක සම්භවය හා මහා පෘථුවියේ ආරම්භය සමගින් මානවායාගේ ආරම්භය ගැන කතා කරනු ලබන අතර බ්‍රහ්මජාල සුත්‍රයෙන් ලෝකය තුල නොයෙක් දෘෂ්ඨීන් පැතිර යන්නට පදනම් වු මූල හේතුන් විස්තර කර ඇත. නමුත් ඒවා එම දේශනාවේ මුලීක ඉලක්කයට පසුබීම් වන දේවල් මිස එම දේශනාවේ ඉලක්කය නොවන බව අප පැහැදිලිව වටහා ගත යුතුය. එම දේශනාවන්ගේ ඉලක්කය. විමුක්තිමත් වු සිතක් සාදා ගැනීමට මග පෙන්වීමය.
ලෝකයෙහි ආරම්භයේ පටන්ම යම් යම් දේවල් සිදු වෙද්දී ඒවාට බලපා ඇති ප්‍රබලම හේතුන් ලෙස දක්වා ඇත්තේ මිනිසුන්ගේ ආශාව ද්වේෂය හා මෝහමය ක්‍රියාදාමයන්ය. සත්වයන්ගේ දුෂ්චරිතවත් බව වැඩි වෙන්න වැඩි වෙන්න ලාමක අකුසල් පහල වෙන්න පහල වෙන්න ලෝකය තුල වු සැපවත් බව ටිකින් ටික අඩු වේවී අඩු වේවි. ගුණ දහමින් පිරිහුණු අයුරු තව දුරටත් එම සුත්‍ර දේශනාවේ විස්තර වෙනවා. එම සුත්‍ර දේශනාවේ මුලට මෙන්ව අවසානයේදීත් බුදු රජාණන් වහන්සේ අවධාරණයෙන්ම දේශනා කරනු ලබන්නේ ලෝකයෙ එදත් අදත් කවදත් මතුවටත් ශ්‍රේෂ්ඨත්වය පිණිස හේතු වන්නේ ධර්මය බවය. යම් කෙනෙකු සත්තිස් බෝධි පාක්ෂීය ධර්මයන් පුරුදු පුහුණු කරනු ලබන්නේ නම් වඩන්නේ නම් ඒ තැනැත්තා කුමණ කුලයකට , ජාතියකට අයත් වුවත් ඔහුට ඒ සත්තිස් බෝධී පාක්ෂික ධර්මයන් වැඩීම හේතු කරගෙන සියළු දුක් නිමා කොට පිරිනිවන් පෑමට හැකියාව ඇති බවත් ය.
මීළගට ආධ්‍යාත්මික ලෝකය තුල පවතින නොයෙකුත් මිත්‍යා දෘෂ්ඨින් වලට හේතු දක්වන බුදු රජානන් වහන්සේ බ්‍රහ්මජාල සුත්‍ර දේශනාවේදී ඒ ගැන වැඩිදුරටත් මෙසේ සදහන් කරයි. . මේ ලෝකයෙහි බොහෝ ආගමික මතවාද පිටුපස අධීමානසික හැකියාවෙන් යුතුව සිටි සත්වයන්ගේ (සෘෂිවරු වැනි අභිඤ්ඤාලාභි අය) අපරිපුර්ණ ගවේෂණ ඒ සදහා හේතුවි පවතින බව පවසන අතර. ඒවා මිනිසුන් අතරට පත්වු කල්හි ඒවා සම්බන්ධයෙන් සමාන්‍ය බුද්ධියට ගලපා ගත් දෘෂ්ඨිදාමයකට මිනිසුන් හිර වී සිටින බවය. මේ දෘෂ්ඨින්ගේ හට ගැනීම ගැන ප්‍රකාශ කරණ එම සුත්‍ර දේශනාව මිනිසුන්ගේ ආකල්ප කෙරෙහි වැඩිමනත් බලපා ඇති මූලික න්‍යයායන් ඇති වු ආකාරය ගැන වැඩි දුරටත් පැහැදිලි කරනු ලබන අතර එවායෙන් මිදෙන මගද මැනවින් පැහැදිලි කර දෙයි.
මෙම ලිපියේ අදහස අග්ගඤ්ඤ සුත්‍රය හෝ බ්‍රහ්මජාල සුත්‍ර දේශනාවන් ගැන පැහැදිලි කිරීමක් පිණිස නොව , ඒවායේ ඉලක්කය පැහැදිලි කිරීමය. ඉහත සදහන් ජේදද්වයෙන් අපි එම සුත්‍ර දේශනාවන් ගැන යම් තරමක අදහසක් ඉදිරිපත් කර ඇති නමුත් එම එක් සුත්‍ර දේශනාවක් පවා මේ ලිපිය මෙන් දහගුණයකට වඩා විශාලබවින් යුතුය. එබැවින් ඒවා කියවනු කැමැති අය එම සුත්‍ර දේශනාවන් ගෙන කියවත්වා. එම දේශනාවන් ඔස්සේ යමින් කියා ඇති කරුණ මැනවින් වටහා ගෙන එදත් අදත් හෙටත් කවදත් ලෝකයේ පුජණීයත්වයට භාජනය වු ධර්මයම ජිවිතයේ සැබෑ පිළිසරණ ලෙසට සිතට ගෙන දහම් මග ගමන් කොට අමා නිවනින් සැනසීම පිණිසම උත්සාහවත් වෙත්වා.

No comments:
Post a Comment
මේ ලිපි පිළිබදව ඔබට යමක් කියන්නට ඇත්නම් මේ ඉඩ හසර ඒ සදහායි.