Jan 16, 2012

යම් තැනෙක උපතක් ඇද්ද එතැන මරණය ද සාධාරණය.


 
ජිවිතය යනු අප ලැබූ අමිල සම්පතයි. එහි වටිනා කම කිසිවෙකුට කිසිදාක මිල කල නොහැකිය. බුදු උපතක් පවතින කාලය තුල අප ලබා ඇති මේ උපත ඉතාමත්ම දුර්ලභ වටිනාකමින් යුතු බව බුදු රජාණන් වහන්සේ විසින්ද දේශනා කොට වදාරා ඇත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ එය දුල්භො මනුස්සත්ත පටිලාභෝ යනුවෙන් දේශනා කොට ඇත.
එසේ නමුත් මේ අමිල ජිවිතයෙහි වටිනා කම ගැන නොව මෙම ජිවිතය මරණයෙන් කෙළෙවර වෙන බව ගැන මෙනෙහි කරමින් භාවනාවේ යෙදෙන ලෙස භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කොට  වදාළ සේක. එයට හේතුව මරණයට ලොකු වටිනාකමක් දීම නොව ජිවිතය තුල සිදුවෙන දුක් සහගත දේවලට අකම්පිතව මුහුණ දීමට හා ලාමක වු පැවැතුම් තුලට වී කාලය ගෙවා දමමින් අනර්ථකාරීව ජිවිතය ගෙවා දැමීම පවතින්නේ මරණය දක්වා පමණක් බව දැන එම ලාමක ක්‍රියාදාමයන්ගෙන් වැලකී මරණයට පත්වන මොහොත වන විට පිරිසිදු සුචරිතවත් ජිවතයක් තුලින් ගොඩ නැගු පිවිතුරු සිතකින් යුතුව මරණයට පත්වීමට අප්‍රමාදීව කටයුතු කරගන්නට අපව දිරිගැන්වීම සදහාය.
ඝොසිතාරාමයෙහිදී භික්ෂුන් වහන්සේලා දෙනමක් අතර ඇති වු සුළු මත බේදයක් මහා කලහයක් බවට පත්වු මොහොතේ භාග්‍යවතුන් වහන්සේ වදාල ගාථාවෙන්ද එය වඩාත් මැනවින් තහවුරු වන්නේ ය.
පරේචන විජානන්ති මයමෙත්ථ යමාමසේ. අප ඒකාන්තයෙන් මරණයට පත්වන බව දැන  කටයුතු කරන්නේ නම් මේ වාද විවාද හා රන්ඩුසරුවල් අසමගිකම් එයින්ම දුරුව යන්නේ ය. යනුවෙන් එදින භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
තව දිනෙක භික්ෂුන් අමතන භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන්ට දේශනා කර වදාලේ ඉහලට ගත් හුස්ම පහලට හෙලන මොහොතට කලින් අපව මියයෑමට පුළුවන් බවය. මේ අකාරයෙන් මරණය ගැන මෙනෙහි කර බැලීම සුචරිතවත් හා ධර්මාවබෝධය කරා හුරු කරණ නිවන් අවබෝධය සදහා නොමේරු සිතක් මෝරන්නට අවැසි කරුණු තුල උනන්දුවෙන් යෙදෙන බව හා ඒ තුලින් මෙලොව යහපත පරලොව සුගතියත් අමා නිවනත් සාක්ෂාත් කර ගැනීමට උපකාර වන බවය.
මරණසති භාවනාව පුර්වාචාර්‍ය වරුන් විසින් ගාථාවන්ට නගා ඇත්තේ මේ අයුරිනි.
උප්පත්තියා සහේවේදං මරණං ආගතං සදා- මරණත්තාය ඕකාසං වදකො විය ඒසතී.
උපතත් සමගින්ම මරණයට රැගෙන එන ලදි. අපව මරා දැමීමට සුදානමින් අවස්ථාව ලැබෙන තුරු නොඉවසිල්ලෙන් පසුවන වධකයෙකු සේ එයට ඉඩක් සොයමින් මරණය අප සමගම රැදී පවතී. එබැවින් ජිවිතයෙ වටිනාකම වටහා ගැනීමට හා දුර්වලතාවයන් මගහරවා ආධ්‍යාත්මික බාහිර ගුණ දියුණුව පිණිසත් මෙලොව පරලොව දෙලොව යහපත සැපත හා අමා නිවන පිණිසත් මෙය නිතර මතකයෙහි තබා ගන්නට උත්සාහ කරන්න.
යම් තැනෙක උපතක් ඇද්ද එතැන මරණයට ද සාධාරණය.

අමතද්වාරය කොයිබටද...

My photo
බොහෝ තැන දහම් පංති හා වැඩසටහන් තිබුනද ලංකාව පුරා ඇති මෙම ආයතනවලින් ‍බොහෝමයක් ගැඹුරු දහම් කතා කරනමුත් ධර්මය කරා පැමිණෙන. තරුණ කැල ‍උදෙසා පැහැදිලිව ධර්මය සංනිවේදනය කෙරෙන බවක් පෙනෙන්නට නොමැති බැවින් ධර්මය ගැන වැඩි දැනුමක් නැති මුත් බුදු රජාණන් වහන්සේගේ ඉගැන්වීම් ජිවිතයට සම්බන්ධකරගන්නට කැමැති යෞවණයන්ගේ ජිවිත වලට සදහම් ඇසුරු ලැබෙන ජිවිතයක් කරා විවර වෙන අමතද්වාරය වෙත ඔබත් පැමිණෙන්න

Followers